
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකාර තාක්ෂණික සේවා ගණයේ මෝටර් වාහන පරීක්ෂක තනතුර සඳහා බඳවා ගැනීම
මෝටර් වාහන පරීක්ෂක III ශ්‍රේණිය
පොදු සුදුසුකම්
- ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම
- විශිෂ්ට චරිතයකින් යුක්ත වීම.
- ආබාධිත රථ හැර මෝටර් කෝච්, බර මෝටර් ලොරි සහ මෝටර් සයිකල් පැදවීඹ සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
- ප්‍රමාණවත් ශාරීරික හා මනසික යෝග්‍යතාවයකින් යුක්ත වීම
- 2019.10.11 වන දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 35ට නොවැඩි විය යුතුය.
වැටුප් පරිමාණය – රු.31,040 – 10 x 455 – 11 x 660 – 10 x 730 – 10 x 750- 57,550
ලිඛිත තරඟ විභාගයක හා සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත බඳවා ගනු ලැබේ.
විභාගය
පහත සඳහන් විෂයන් 02 ට අදාලව ලිඛිත පරීක්ෂණය පැවැත්වේ.
විෂයය කාලය (පැය) මුළු ලකුණු
- අභියෝග්‍යතාව 01 100
- මෝටර් යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ සාමාන්‍ය දැනීම 01 100
විභාග ගාස්තු
විභාග ගාස්තුව රු. 600/-කි. එම මුදල විභාග කොමසාරිස් ජනරාල්ගේ ආදායම් ශීර්ෂ 20-03-02-13 ට බැර වෙන පරිදි ඕනෑම දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත මුදලින් ගෙවා අයදුම්කරුගේ නමින් ලබා ගන්නා ලදු පත අයදුම්පතේ නියමිත ස්ථානයේ අලවා එවිය යුතුය.
අපේක්ෂකයාගේ අනන්‍යතාවය
විභාගයෙදී තම අනන්‍යතාවය ඔප්පු කිරීම සඳහා ,
- ජාතික හැඳුනුම්පත
- වලංගු විදේශ ගමන් බලපත්‍රය
- වලංගු රියදුරු බලපත්‍රය පිළිගනු ලැබේ.
සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2019.10.11 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ විභාග කොමසාරිස් ජනරාල්, සංවිධාන ( ආයතනික හා විදේශ විභාග) ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල යුතුය.
අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සහ වැඩි විස්තර පහත ගැසට් නිවේදනයේ දැක්වේ.
Leave a Reply